Tuesday, May 28, 2013
හරක්, හරක් සහ හරක්
පසුගිය වෙසක් පුන් පොහෝ දින ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී සිය සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසා ගත් බෝවත්තේ ඉන්දසාර නම් භික්ෂූන් වහන්සේ පිළීබද මේ වන විට සමාජයේ නොයෙක් අංශවලින් විවිධ කෝනවලින් නිනිදා හා ප්‍රසංසා ගලා එමින් පවතී. මේ අතර උන් වහන්සේගේ ‘මිනිය‘ ඔවුන්ගේ වදනින් කිවහොත් ශ්‍රී දේහය විකුණාගෙන කෑමට විවිධ පිරිස් ඇන කොටා ගනිමින් සිටිති.
මේ නාඩගම දුටු බොහෝ පිරිස් මේ පිළීබද දක්වන්නේ දැඩි පිළිකුලකි. මේ වන විට facebook මිතුරු ජාලය පුරා පිරිසක් උන් වහන්සේ විකුණමින් සිය මඩිය තර කර ගැනීමට උත්සහ දරමින් සිටින අතර, බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සිය විරුද්ධ මතවාදය ඉදිරිපත් කරමින් සිටී.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අපට ද ඇත්තේ දැඩි පිළිකුලකි. එනම් බුදුන් වහන්සේගේ ධර්මය හිස මත තබා ගනිමින් ම්ලේච්ඡත්වය කරා බුදු පුතුන් ගමන් කිරීමයි. යම් අරමුණක් වෙනුවෙන් සිය ජීවිතය තොර කර ගැනීම ජීවිත පූජාවක් වූයේ ධර්මයෙන් තොරවූ ම්ලේච්ඡත්වයෙන් ලොව වැසී තිබූ යුගයේදීය. එකල්හි අරමුණු වෙන්වෙන් දිවි තොර කර ගැනීම උත්තම පූජාවකි. නම්ත් බුද්න් වහන්සේගේ ධර්මයෙන් මේ ලෝකයට සත්‍ය ඉදිරිපත් වූ බව පුන පුනා කියමින් ලංකාද්වීපය ධර්ම රාජ්‍යයක් කිරීමේ අරමුණික් කටයුතු කරනවා යැයි පාරම් බානා පිරිස බුදු වදන් වලට පිටුපා කටයුතු කිරීම කිනම් අයුරකින් අගය කළ යුතු දැයි අපට නොවැටහේ.
මේ අතර මෙය ජීවිත පූජාවක් යැයි පවසමින් හරක් වෙනුවෙන් (රටේ තවත් දැවෙන් ප්‍රශ්න රැසක් ඉදිරියේ ඇස් කන් වසා සිටිමින්) දිවි තොර කර ගත් හිමියන්ගේග මිනිය වෙනුවෙන් දැන් තවත් සිවුරු පොරවා ගත් කිහිප දෙනෙකු ගිනි තබාගැනීමට සූදානම් වී ඇත. ඔවුන් පවසන්නේ මෙය සෙල්ලමට නොගත යුතු කාරනාවක් බවයි.
මේ සියලු නාටකයන් දෙස බලා සිටි අපට අවසන පැවසීමට ඇත්තේ එක් කරුණක් පමණි. එනම් හරකුන්ගේ ජීවිත වෙනුවෙන් බෝවත්තේ ඉන්දසාර නම් හරකෙකු ගිනි තබා ගත් අතර, ඉන්දසාර නම් හරකා වෙනුවෙන් තවත් හරක් රැලක් ඒ මග යාමට සූදානම් බවයි. අහෝ ඉන්දසාර නොදුටු මොක් පුර….
අවසර අපෙ හාමුදුරුවනේ කරුණා අම්මාන් මැතිදු බුද්ධ ශාසන ඇමැති කරමුද?
ෆේස්බුක් පිටුවක පළ කර තිබූ එක් ඡායාරූපයක් දැකීමෙන් අපට මෙසේ සිතිනි. බුදු දහම වර්ධනය කිරීමට නම් බුද්ධ ශාසන ඇමැති කළ යුත්තේ කරුණා අම්මාන් මැතිදුය යන්නයි. අප එසේ කියන්නේ පසුගිය කාලය පුරාව රටේ සිදුවූ බොහෝ ක්‍රියාකාරකම් පිළිබද එකිනෙකට පරස්පරව ඇතිවූ සිතුවිලි ගලපා ගනිමිනි. එනම් පසුගිය කාලයේදී මහරජාණන් වහන්සේගේ පුත්‍ර රත්නයට ඇති වූ දොළදුකක්, සමාවෙන්න ආශාවක් සංසිදුවීමේ අරමුණින් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ නයිට් කාර් රේස් පැවැත්වීම සදහා කටයුතු සංවිධානය කිරීමේ තීරණයක් සමග රටේ වගකිවයුත්තන් විසින් විවිධ තර්ක ඉදිරිපත් කළෝය. මහ නාහිමිවරුන් බාල බොළද විරෝධයක් දක්වද්දී, ඇතැම් මහජන නිලධාරීන් පැවසුවේ මෙය කාලෝචිත ක්‍රියාවක් බවයි.
මෙම පුවත පළවී මේ වන විට සති කිහිපයක් ඉක්ම ගියත් බොදු බල සේනා හෝ ජාතික හෙළ උරුමය හෝ මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ කර නැත. මහ නායක ස්වාමීන් වහන්සේලා පවා මේ සම්බන්ධයෙන් වැදගත් හෝ තියුණු ප්‍රකාශයක් කර නැත්තේ උන්වහන්සේලාගේ කාර් පර්මිට් එක මේ දිනවල ලබා දීමට කවුරුන් හෝ පොරොන්දු වී සිටින නිසාවත් දැයි අප හට සැක සිතේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් (පුස්) විරෝධයක් එල්ල කර ඇතත්, මේ සදහා අදාල බලධාරීන් විසින් අවසර ලබා දී ඇත්තේ අදාල විරෝධන පිළිබද පයිසෙකට මායිම් නොකරය. මීට අමතරව ‘මහනුවර උරුමය සුරැකීමේ පදනම‘ මේ සම්බන්ධයෙන් විරෝධයක් එල්ල කළ ද එයද පුස් වෙඩිල්ලකට වත් තරම් නොවීය.
දැන් අපට ඇති ගැටළුව නම් බෞද්ධ ජනතාවගේ එකම ගැළවුම්කරුවාණන් වීමට කැසකවන ජාතික හෙළ උරුමය හා බොදු බල සේනා සංවිධානය මේ සම්බන්ධයෙන් මුනිවත රකින්නේ කිම්ද යන්නයි. වෙසක් පොහොයට බක්කො නටන අයට හා පොල්තෙල් පහන් දල්වන අයට වේවැල් පහර දීමට බලා සිටින මුන්දැලා උතුම් දළදා වහන්සේ ඉදිරිපිටින් බියර් ෂොප් විවෘත කර, (අඩ) නිරුවන් කාන්තාවන් වීදි බැස නටනා නෙයියාඩමට මුනිවත රකින්නේ මන්ද යන්නයි.
හෙළ උරුමයේ මුනිවත පිළිබදව නම් යම් හැගීමක් ඇත. මන්ද පනතට එකග නම් කැසිනෝව වරදක් නැතියි කියූ, රජ මාලිගයේදී නම් මත්පැන් ගත්තාට වරදක් නැතැයි කියූ උන්(ගනින්) නාන්සේලා, රාජ බේබිලාගේ කැමැත්ත නිසාවෙන් දළදාව වටා කාර් රේස් නොව, දළදාව ඉහළින් ජෙට් රේස් ගියද කම් නැතැයි පවසනු ඇත.
තත්ත්වය මෙසේ හෙයින් ජාතික හෙළ උරුමයට හා බොදු බල සේනාවට මෙසේ යෝජනාවක් කරමු. එනම් ශාසනය නගා සිටුවීමට නම් වයසක උන්දෑ කෙනෙකුට කළ හැක්කන් නොමැති බැවින් තරුණ ජවය හා ගරුතර ස්වාමීන් වහන්සේලාගේ ලේ සුවද හදුනන කරුණා අම්මාන් මැතිදු බුද්ධ ශාසන ඇමැති කිරීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ඒම යුගයේ කාලෝචිතම ක්‍රියාව වනු ඇත.
කෙවිට ගෙන නිවන් දැක්කවීම හෙවත් ජනතාව නගුලේ බැදීම
මෙවර වෙසක් සමයේදී ඔළුබක්කන් නැටීම වැනි නුසුදුසු ක්‍රියා වල
යෙදෙන්නවුන්ට වේවැල් පහර දෙන බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා ඇත. එමෙන්ම පසුගියදා පැවැති
මාධ්‍ය හමුවකදී ද උන්වහන්සේ පැවසුනේ බෞද්ධයන් විසින් පොල්තෙල් පහන් දැල්වීම
ද නුසුදුසු බවයි. මේ සම්බන්ධයෙන් උන් වහන්සේ හේතුකාරක කාරණා ලෙස දක්වන්නේ
ස්වභාවික සම්පතක් වන පොල්තෙල් විශාල ප්‍රමාණයක් වෙසක් සමය වෙනුවෙන් නාස්ති
වන බවකි.
කෙසේ වෙතත් මේ පිළිබදව විමසා බලද්දී අපට හැගී යන දෙය නම් දැන් නම් බොදු බල සේනාවට ‘දෙයියන්ගේග හාල් කැවී ඇත‘ යන්නයි. වෙසක් දිනය වෙනුවෙන් සිය හරුබස්ස අතගා අතට හසුවන සොච්චම් මුදල ගෙන කළුකඩ මුදලාගෙන් පොල්තෙල් බිදුවක් මිලදී ගන්නා බෞද්ධයා එයින් මැටි පහනක් දල්වන්නේ ගෞතම බුදුන් වහන්සේට තමන්ගේ ආදායමට සරි ආමිස පූජාවක් සිදු කිරීමේ අපේක්ෂාවෙනි. එම අපේක්ෂාවක් ක්‍රියාත්මක කිරීමේදී ඔහුගේ ඇයගේ සිත තුළ මතුවන බැතිබර ශ්‍රද්ධාව, නිරාමිස ප්‍රීතිය කිසිවකට සම කළ නොහැක. නමුත් බොදු බල සේනා නම් මේ රස්තියාදුකාර සාදුවරුන් පවසන්නේ බෞද්ධයා එම නිරාමිස ප්‍රීතිය භුත්කි නොවිදිය යුතු බවයි.
එමෙන්ම ඔළුබක්කන් නටන සියලු දෙනාට වේවැලක් ගෙන තඩිබානා බව පැවසීමෙන් ඔවුන් පවසන්නේ දැන් අපි උඹලව බලෙන් නිවන් දක්කනවා යන්න නොවේද?
බුදුන් දවස බුදුන්ගේ විහාරයේ වැට මායිමේ ජීවත් වූ චුන්ද සූකරගේ ජීවන වෘත්තිය වූයේ ඌරන් මරා මස් විකිණීමයි. අල්ලපු මායිමේ මෙවන් (බොදු විග්‍රහය අනුව) නරුම කටයුත්තක් කෙරෙද්දී ද බුදුන් වහන්සේ නිහඩව සිටියේ චුන්ද සූකරට හෝ ඔහුගේ මස් කපනා මන්නයට බියෙන් නොවේ. පුද්ගලයා නිවැරදි මාර්ගයට ගෙන ඒම බලහත්කාරයෙන් සිදු කිරීම කළ නෙහැකක් බැවිනි.
එපමණක් නොව, මෙසේ බලහත්කාරයෙන් ජනතාව නිවන් දැක්කවීමට කැස කවන බොදු බල සේනාව රටේ සමස්ත ජනතාවගේ දුක් අදෝනා පිළිබද මුනිවත රැකීම සැබැම විහිළුවකි. රටේ සමස්ත ජනතාවටම බලපාන විදුලි බිලි වැඩිවීම පිළිබදව මේ බොදු බල සේනා කිසිවක් කීවේ නැත. ඔවුන් මේ පිළිබද මුනිවත රකින්නේ විදුලි බිල නිවනට සම්බන්ධ නොවන නිසා දැයි අපි නොදනිමු.
නමුත් අපි සැදැහැ සිතින් බොදු බල සේනාවට යෝජනාවක් කරමු. එනම් වෙසක් පොහෝ දින ඔළුබක්කන් නටන අය තැලීමට ගත් වේවැල මේ විදුලි බිල වැඩි කර සමස්ත ජනතාව අදුරේ දැමූවන් වෙනුවෙන් පාවිච්චි කරන්න. එවිට එයින් සහනය ලබන සමස්ත ජනතාව විසින් අනුමොදන් කරන පිනෙන් නිවන් කෙසේ වෙතත්, තමන්ගේ සිතට සහනයක් හෝ උදාවනු නොඅනුමානය.

Subscribe to:
Posts (Atom)